යුද චෝදනා ඇති නිසා ද්විත්ව පුරවැසිකම අතාරින්න බැසිල් බෑ කියලා!

බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊයේ (31) පැවති දෙරණ 360 වැඩසටහනට සම්බන්ධ වෙමින් ඒ මහතා මේ පිළිබඳව පවසා සිටියේය.
එයට හේතුව ලෙස බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ‘තමන්ට යුද චෝදනා තිබීම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය අත්හැරිය නොහැකි’ බව ප්‍රසන්න රණතුංග මහතා පවසන ලදී.
“මම බැසිල් රාජපක්ෂට කතා කරලා ඇහුවා 22 ගේන්න හදනවා, මොකද කරන්නේ කියලා. ප්‍රසන්න මට යුද්දේ ගැටලු වගයක් තියෙනවා. මට ඒක නිසා ද්විත්වපුරවැසිභාවය අහෝසි කරගන්න බෑ. එතුමාට යුද්දේ චෝදනාවල් තිබුණා නේ. ඔයාලා දන්නවානේ UN වාර්තාවේ මොනව ද තිබුණේ කියලා. හැබැයි අපි දැන් වයසයි. ඔයාලා මේක අතට අරගෙන කරන්න කිව්වා. මන් ගැන හිතන්නේ නැතුව ඔයාලා පක්ෂයක් හැටියට තීන්දු කරලා කරන්න කිව්වා.”