පොට් සිටි, තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණයේ විවෘතය අප්‍රේල්!

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආචර්යය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පැවසුවේ, එම සංකීර්ණයේ මූලික කටයුතු වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බවය.
සිංගප්පූරුවේ මුස්තාෆා සංකීර්ණයට වඩා විශාල වන කොළඹ වරාය නගර තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය මෙය වන බව ද ඔහු පැවසීය.