ජනාධිපතිගෙන් තවත් තනතුරු ලබාදීමක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කර තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් මාපා මහතා පත්කර ඇත්තේ එම කොමිසමේ සභාපති සහ සාමාජිකයෙකු ලෙසය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස් සිරිවර්ධන යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (31) නිකුත් කෙරුණි.