කාර්මික දෝෂයක් නිසා කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු ඇරේ! – හදිසි ගංවතුර තත්වයක්!

 කාර්මික දෝෂයක් නිසා කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු ඇරේ! – හදිසි ගංවතුර තත්වයක්!

කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ.

වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පි.සී. සුගීශ්වර මහතා පැවසුවේ, මේ හේතුවෙන් තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවය.

ඒ අනුව කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවදානම ඉදිරි පැය 6ක කාලයක් පැවතිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Newspedia 02

Related post