රංගන ට ස්වර්ණවාහිනියේ දොර වැසේ?

 රංගන ට ස්වර්ණවාහිනියේ දොර වැසේ?

ස්වර්ණවාහිනී නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කළ රංගන ද සිල්වා එම ආයතනයේ සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

රංගන මින් පෙර හිරු නාලිකාවේ සිට ස්වර්ණවාහිනියට පැමිණියේ සුදේව හෙට්ටිආරච්චි සමගය. සුදේව ස්වර්ණවාහිනියේ ප්‍රධානියා වන විට රංගන ද එහි ඉහළම තනතුරකට පත් විය.

කෙසේවෙතත් පසුව සුදේව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බවට පත් වූ අතර, එහි කටයුතු කරන ගමන් ම ස්වර්ණවාහිනිය ද මෙහෙය වූ බවට චෝදනා එල්ල විය. නමුත් පසුව ගෝඨාභය ජනාධිපතිවරයාට ජනතා විරෝධය එල්ල වද්දී තමන් මාධ්‍ය අංශයේ තනතුරින් කල් තබා ඉවත් වූ බවට සුදේව නිවේදනය කළේ ගෝඨාභය රටින් පලා යන්නට ද ප්‍රථම ය.

රාජපක්ෂලාගේ ආධිපත්‍යය ගිලිහී යද්දී ස්වර්ණවාහිනී පාලනාධිකාරිය සුදේවට ද ඉවත් වන තැනට කටයුතු සිදු කළ අතර, දැන් රංගන ද සිල්වාට ද එම ඉරණම ම අත්ව ඇති බව ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් ඔහු ඉවත් කිරීමේ හේතුව මෙතෙක් හෙළි වී නොමැත.

සුදේව සහ රංගන ස්වර්ණවාහිනියට ආ පසුව සම්මානනීය නිවේදකයන් වන නදීක කරුණානායක, හරීන්ද්‍ර ජයලාල් සහ තිළිණි පෙරේරා වැනි දක්ෂයන් ඉවත් කිරීමටත් ඉවත් වන තැනට කටයුතු කිරීමටත් ක්‍රියා කළ ආකාරය රට තුළ මහත් පිළිකුලට ලක් වීම විශේෂත්වයකි.

Newspedia 01

Related post