උසාවි ගියපු දෙදෙනෙකුට අදත් වෙඩි තියලා!

 උසාවි ගියපු දෙදෙනෙකුට අදත් වෙඩි තියලා!

අද (31) උදෑසන 9.30ට පමණ හික්කඩුව තිරානගම හන්දියේ දි සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වේ.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකුට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.

Newspedia 02

Related post