ආදායම් සංශෝධන පනතට එරෙහි පෙත්සම් විභාගයට ගැනේ!

 ආදායම් සංශෝධන පනතට එරෙහි පෙත්සම් විභාගයට ගැනේ!

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණි.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මහාධිකරණ විනිසුරු වරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව කීපයක් විසින් අදාල පෙත්සම ගොනුකර තිබේ.

යෝජිත පනත් කෙටුම්පත තුළින් පුද්ගලයකු විසින් මාසිකව ආදායම් බදු වශයෙන් ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට ලක්ෂයක් දක්වා අඩු කිරීමට ගෙන ඇති තීරණය ඇතුළු එහි අන්තර්ගත වගන්ති කීපයක් තුළින මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවන බව පෙත්සමේ සඳහන් කර තිබේ.

Newspedia 02

Related post