ලංකාවේ ඩිස්නිලන්තයක් දාන්න අපේ අදහසක් නෑ! – වෝල්ට් ඩිස්නි සමාගම

ඩිස්නිලන්ත ශාඛාවක් මෙරට හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට අදාල සාකච්ජා සඳහා සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය එම බලදාරීන් හමුවීමට සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව මාධ්‍යට ප්‍රකාශ කර තිබිණ.
නමුදු සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් කළ විමසීමකදී වෝල්ට් ඩිස්නි සමාගම විසින් පවසා ඇත්තේ එවැනි ශාඛාවක් ආරම්භ කිරීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බවය.
කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත රාජ්‍ය අමාත්‍යවරියගෙන් විමසූ විට, ඇය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්‍යානයක් විවෘත කිරීම සම්බන්ධයෙන් ඩිස්නි සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති නමුත් ඇය සම්බන්ධ වූයේ කවුරුන්ද යන්න සඳහන් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.