මුදල් අයකර සේවා දෙන රජයේ රෝහල් අරඹනවා!

 මුදල් අයකර සේවා දෙන රජයේ රෝහල් අරඹනවා!

මෙරට රෝහල් පද්ධතිය තුළත් ගෙවීම් සිදුකර සේවා ලබාගැනීමේ අංශයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒ අනුව රෝහල් පද්ධතියෙන් 25%ක පමණ ප්‍රමාණයක මුදල් ගෙවා සේවා ලබාගැනීමට හැකි අංශ ස්ථාපනය කරන බව ඒ මහතා පවසයි.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පවසන්නේ පෞද්ගලික අංශය විසින් සේවාවන් ලබා ගැනීමේ දී ජනතාවට විශාල වියදමක් දරන්නට සිදුවීම බවයි.

ඒ හරහා වඩාත් හොඳ සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

Newspedia 02

Related post