පොහොට්ටු ලිස්ට් එකට ඇමතිකම් නොදුන්නොත් අයවැය පරදී! – එස්.බී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අයවැය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාදී ඇති නාමලේඛනයට අනුව කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීම සිදුකලයුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක
“මට ඇමතිකමක් නැතිවුණ එක ගැන නෙමෙයි ප්‍රශ්නෙ. අද තියන අමාත්‍යාංශ දුවන්නෙ නැහැ. ඒකයි දවසින් දවස මේ ආණ්ඩුව අවුලෙන් අවුලට යන්නෙ. පොහොට්ටුව වැටිලා නැහැ. පළවෙනිම දේ ජනපති අගමැති එකතුවෙලා ස්ථාවර පොහොට්ටු ආණ්ඩුවක් හදන්න ඕන. පොදුජන පොරමුණ නම් දීපු අයට ඇමතිකම් දෙන්න ඕන. ඇත්තටම එහෙම වුනේ නැත්තං ඉදිරියේ අයවැයත් පරදිනවා. ඒ නිසා අයවැයට කලින් ආණ්ඩුව හදන්න ඕන “
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සතිඅන්ත පුවත්පතක් සමග අදහස් දක්වමිනි.