දැනටමත් පොහොට්ටුවේ අපියි, ජනාධිපතියි එකතුවෙලා ඉන්නේ! – ජගත් කුමාර

මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව කටයුතු කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.
මෙම ඒකාබද්දතාව ඉදිරි මැතිවරණයක් දක්වාම ගොස් ඉදිරි ගමන්මඟ තීරණය කළ යුතු බවද හෙතෙම කියා සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමට ඔහු මෙම අදහස් පළ කළේය.