සීනි බදු වංචාවක් වුනා කියන්නෙ ප්‍රසිද්ධ බොරුවක්!

 සීනි බදු වංචාවක් වුනා කියන්නෙ ප්‍රසිද්ධ බොරුවක්!

ශ්‍රී ලංකාවේ සීනි බදු වංචාවක් සිදුවූ බව ප්‍රකාශ වීම මිථ්‍යාවක් බව පොහොට්ටුවේ න්‍යායාචාර්‍යවරයෙකු වන සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය මහින්ද පතිරණ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සීනි බදු වංචාව ලංකාවේ පවතින ප්‍රසිද්ධ බොරුවක් මෙන්ම එකඟ වූ මිථ්‍යාවක් බවය.

තම ෆේස් බුක් ගිණුමේ සටහනක් තබන පතිරණ මහතා අවධාරණය කරන්නේ විගණන වාර්තාව මගින් ද එම බොරුව සමාජගත කර ඇති බවකි.

ඔහු විසින් තබන ලද සම්පූර්ණ ෆේස් බුක් සටහන මෙසේය.

“ලංකාවේ පවතින ප්‍රසිද්ධ බොරුවක් තමා සීනි බදු වංචාවක් වුනා කියන එක. මේක එකඟ වූ මිත්‍යාවක්. මේ කතාව හැදෙන්නෙ ගෝඨාභය ආණ්ඩුව සීනි බදු අඩු කළ නිසා. ඇත්තටම සීනි බදු අඩු කරන්නෙ 2020 ඉඳල ම ලෝක වෙළඳපොල සීනි මිළ අඛණ්ඩව ඉහළ ගිහිං (වගුව බලන්න) ලංකාවේ සීනි මිළ වැඩි වුන නිසා. ලංකාවේ සීනි අවශ්‍යතාවෙන් 90%ක්ම ආනයනය කරන නිසා මිළ වැඩි වීමට මුහුණ දෙන්න ආණ්ඩුව කරන්නෙ බදු කපා හරින එක. හැබැයි ඒකෙන් සීනි මිළ ඉහළ යාම පාලනය වෙනව මිසක් නවතින්නෙ නැහැ. මොකද වැඩි මිළක් දීල ගෙන්වන සීනි ඒ මිළට ගලපල ලංකාවේ විකුණන්නෙ. මේ බොරුවට පොහොර දැම්මෙ විගණන වාර්තාව. ඔවුන් කළේ සීනි බදු අඩු නොකර සීනි ගෙනාව නම්, ආණ්ඩුවට මෙච්චර ප්‍රමාණයක් ලැබෙන්න තිබ්බ කියල කියන එක. ඒක අනුමානයක් විතරයි. ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට ලැබෙන්න තිබුණ ආදායමක් අහිමි කර ගැනීමක්. ඒත් ලංකාවේ විගණන නිලධාරීන් ලෝක වෙළඳපොල තත්වයන් බලල නෙමෙයි වාර්තා හදන්නෙ. මේ බොරුව නිතර නිතර කියන නිසා පැහැදිලි කළේ.”

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය මහින්ද පතිරණ

Newspedia 01

Related post