රිය අනතුරු හේතුවෙන් මරණ 4 ක්!

 රිය අනතුරු හේතුවෙන් මරණ 4 ක්!

අද (29) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ හතරක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

ගම්පොළ – පුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයේ කහවත්ත නගරයේදී වෑන් රථයක ගැටීමෙන් යාචකයෙකු ඊයේ (28) ජීවිතක්ෂයට පත් ව තිබේ.

බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ පස්වරුවේ යතුරුපැදියක ගැටීමෙන් මියගොස් තිබේ.

අනතුර සිදුව ඇත්තේ කඩවත – ගනේමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව ප්‍රදේශයේදීයි.

පදිකයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ සීදූව නගරයේ දී ගමන් ගත් ත්‍රිරෝද රථය පෙරලීමෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වී රථය පෙරළී යාමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රි රෝද රථයේ ගමන් ගත් මගියා සීදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී ගමන් ගත් ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ බස් රථයක ගැටීමෙන් 33 හැවිරිදි මඩොල්සිම ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ ජීවිතක්ෂයට පත් විය.

ත්‍රිරෝද රථය වාහනයකට ඉස්සර කිරීමට යාමෙන් අනතුර සිදුව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රියදුරු සහ මගීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Newspedia 01

Related post