වැස්සට සේදෙන විස්සයි විස්සේ අයර්ලන්තය පියවරක් ඉදිරියට..

ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් ප්‍රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉහළට ගියේය.
12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් නමුත් ඇෆ්ඝනිස්ථානයට තවමත් එකම තරගයක් හෝ ජයගැනීමට හැකිවී නැත. නවසීලන්තයට සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ තරග දෙකක් වර්ෂාවට සේදී ගියද ප්‍රසාද ලකුණු 2 ක් හිමිවී තිබේ. එහෙත් එංගලන්තය හමුවේ ලද පරාජය හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ පහළටම වැටී සිටී.
ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙක අතර සිටිය යුතුය.
