ලංකාව සමඟ ACU හරහා ගනුදෙනු කරන්න එපා! – බංග්ලාදේශය සීමා දමයි!

බංග්ලාදේශය එරට බැංකු වලට ආසියානු නිෂ්කාශන සංගමය (ACU) යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.
ACU යාන්ත්‍රණය යනු ඒ හා සම්බන්ධ වී ඇති රටවල් අන්තර් කලාපීය ගනුදෙනු සඳහා ආනයන ගෙවීම් පියවන විධි විධානයකි.
ඒ අනුව 2022 ඔක්තෝබර් 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සමඟ ACU යාන්ත්‍රණයෙන් ගනුදෙනු කිරීම තාවකාලිකව අත්හිටුවන බව බංගලාදේශ මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වා තිබේ.
එමගින් ACU යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ සහ වෙළඳාමක් සම්බන්ධ ගනුදෙනු නොකරන ලෙස සියලුම බලයලත් අලෙවිකරුවන්ට (ADS) උපදෙස් දී ඇත.