මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කාරක සභාව ගැන විපක්ෂය දැඩි තීරණයක!

 මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කාරක සභාව ගැන විපක්ෂය දැඩි තීරණයක!

මැතිවරණ කල් දැමීමට එරෙහිව සියලු විපක්ෂ කණ්ඩායම් එක්වී කටයුතු කිරීමට තීරණය කළ අතර එහි දිගුවක් ලෙස විපක්ෂය නියෝජනය කරන පක්ෂවල ඉහළ පෙළේ නායකයන් විසින් සාකච්ජා කිරීමෙන් අනතුරුව තවත් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බව වාර්තා වේ.

ඒ අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුව මෙම තේරීම් කාරක සභාව පත් කිරීමට කටයුතු කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් බවත්, ඊට එරෙහිව විපක්ෂය එක්ව කටයුතු කළ යුතු බවත් මෙම සාකච්ජා තුලදී තීරණය වී ඇති බව පැවසේ.

ඊට බොහෝ දෙනාගේ එකගතාව පළව ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ.

Newspedia 02

Related post