පොලිස් ආඥා පනතෙන් මානව හිමිකම් කැඩීම වැරදී! – මානව හිමිකම් කොමිසමෙන් ඇමතිට ලිපියක්!

 පොලිස් ආඥා පනතෙන් මානව හිමිකම් කැඩීම වැරදී! – මානව හිමිකම් කොමිසමෙන් ඇමතිට ලිපියක්!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලිපියක් මගින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දීමක් සිදුකර තිබේ.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැති බවට පොලිස්පතිට උපදෙස් දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහීණී මාරසිංහ මහත්මිය විසින් මෙම ලිපිය යොමුකර තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 14(1) අ, ආ, යන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමෙන් වැළකිය යුතු බව එම ලිපිය මගින් පෙන්වා දෙයි.

භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට සෑම පුරවැසියෙකුට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මෙම වගන්තිවලින් තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත මේ බව දන්වා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩු කිහිපයක තීන්දු උපුටා දක්වමිනි.

රටේ නීති සහ පරිපාලන ක්‍රියාකාරකම් ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ ප්‍රමිතීන්ට අනුකූළව, සිදුකිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් නිර්දේශ කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් තම ආයතනය වෙත පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය මෙම ලිපියෙන් අවධාරණය කර තිබේ.

Newspedia 02

Related post