දිවයින පුරා ලිට්‍රෝ ගෑස් හිඟයක්!

 දිවයින පුරා ලිට්‍රෝ ගෑස් හිඟයක්!

ප්‍රදේශ රැසක ලිට්‍රෝ ගෑස් හිඟයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන්නේ ගෑස් ඇනවුම් කළ ද දින දෙකකින් ගෑස් තොග නොලැබුණු බවය. ගෑස් තොග අවසන් වීමෙන් ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ද වාර්තා විය.

කොළඹ නාගරික ප්‍රදේශයට ගෑස් සැපයුම අඛණ්ඩව ලැබෙන බව ද අළෙවි නියෝජිතයෝ කියති.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ කෙරවළපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ කොටසක් අලුත්වැඩියාවක් සඳහා වසා ඇති බවය.

විවෘත ඇති කොටසේ නිස්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ද හෙතෙම සඳහන් කළේය.

Newspedia 01

Related post