කොළඹට පැය 12ක් වතුර කැපෙයි!

 කොළඹට පැය 12ක් වතුර කැපෙයි!

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Newspedia 02

Related post