විදුලි බිල් ගාස්තුව තවත් වැඩි වේ! – නව බද්දක් එක්කරයි!

මේ වනවිට අධික ලෙස ඉහළ දමා ඇති විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් සදහා තවත් බදු ගාස්තුවක් එකතු කිරීම ඔක්තෝබර් මස 01වැනිදා සිට සිදුකෙරේ.
ඒ අනුව විදුලි බිල්පත් සදහා 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද මෙලෙස එකතු කිරීම සිදුකරනු ලබයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ විදුලි ගාස්තු ඉහල දමා ඇති පසුබිමක මෙම බද්ද ඉන් ඉවත් කරන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි නමුත් එම බද්ද විදුලි බිලට එකතු කර ඇති බවයි.