වරාය නගර නීතිරීති ගැසට් වෙයි!

 වරාය නගර නීතිරීති ගැසට් වෙයි!

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ නීති රීති ඇතුළත් ගැසට් නිවේදනය තව දින දෙකකින් නිකුත් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද පෝට් සිටි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

“ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව මිණුම් සලකුණු කරනවා ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය හරහා පෝට් සිටිය තවත් ඩුබායි සහ සිංගප්පූරුවක් බවට පත් කරන්න කටයුතු කරනවා”

“ගැසට් කෙටුම්පත සකස් කර අවසන් කිරීම විශාල ජයග්‍රහණයක්, එමඟින් ආයෝජකයින්ට වරාය නගරයේ මෙහෙයුම් ආරම්භ කිරීමට සහ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කිරීමට නීති සහ රෙගුලාසි පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට උපකාරී වේවි”

දිලුම් අමුණුගම

Newspedia 01

Related post