බංග්ලාදේශයට දරුණු පරාජයක්!

T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 104 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා ගත්තේය.
දකුණු අප්‍රිකානු පිළ වෙනුවෙන් Rilee Rossouw පන්දු 56 කදී හයේ පහර 08ක් සමඟින් වේගවත් ලකුණු 109 ක් ලබාගත් අතර Quinton de Kock ලකුණු 63 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 101 ක් පමණි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් Anrich nortje කඩුළු 04 ක් සහ Tabraiz Shamsi කඩුළු 03ක් බිඳ හෙළීය,
තරඟයේ ලකුණු පුවරුව පහතින්,



