ඩයනා, පාස්පෝට් එක හොරට හදලද? – අධිකරණය වාර්තාවක් කැඳවයි!

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රයට අදාලව වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.
ඒ ආගමන විගමන පාලක ජනරාල්වරයාට අසත්‍ය තොරතුරු ලබාදී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලකට අදාළවය.
ඒ අනුව එම විමර්ශනවලට අදාළ වාර්තාවක් නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය CID යට නියෝග කර තිබේ.