ගෝඨා වෙනුවෙන් තවදුරටත් නීතිපති පෙනී නොසිටින බව කියයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.
ඒ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගතයුතු පියවර නොගැනීම හේතුවෙන් රජය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට මෙම දැනුම්දීම සිදු කළේය.
යසන්ත කෝඳාගොඩ,ඒ.එච්. එම්. ඩී නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.