ඔළු ගෙඩි මාරු වුණාට බිම්මට්ටමේ ජනතාව අපිට ඉන්නවා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිඳී ගොස් නැති බවත් පක්ෂය ශක්තිමත්ව ස්ථාවරව ඇති බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
එමෙන්ම ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් ඉහළින් ඔළු ගෙඩි මාරු වුවද බිම් මට්ටමින් කිසිදු හානියක් පක්ෂයට සිදුව නැති බවත් ඒ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.