අර්බුදයට විසඳුම් සෙවීමට පාලකයන් ඉවත් කළ යුතුයි!

අර්බුදයට විසඳුමක් සෙවීමට නම්, ප්‍රශ්නය නිර්මාණය කළ වත්මන් පාලකයන් ඉවත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
බදු යනු රටක ආණ්ඩුවකට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයකි. එබැවින් බදු එකතු කිරීමට ජාතික ජන බලවේගය විරුද්ධ නොවන නමුත්, බදු එකතු කිරීමේදී යම් සාධාරණ ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ඇය පෙන්වා දෙයි.
එම බදු අය කරන්නේ කුමක් සඳහා ද යන්න එම ප්‍රතිපත්තියේ තිබිය යුතු බවද, ඒ හරහා නැවත ජනතාවට සේවයක් සිදුවන බව ජනතාවට විශ්වාසයක් ඇති විය යුතු බවද ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ප්‍රශ්නය නිර්මාණය කළ අය පාලනයේ සිටින තුරු ජනතාවට එම විශ්වාසය ඇති නොවන බවද ඇය අවධාරණය කරයි.