‘යාල යකා නැටිල්ල’ විමර්ශණයට ත්‍රිපුද්ගල කමිටුවක්!

 ‘යාල යකා නැටිල්ල’ විමර්ශණයට ත්‍රිපුද්ගල කමිටුවක්!

යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසාවන පරිදි වාහන පැදවීමේ සිදුවීමට අදාළව එම සිදුවීම පාලනය කිරීමට මැදිහත් නොවූ අදාළ නිලධාරීන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පෙර පුවතක් : ‘යාල’ වනජීවී නිලධාරීන්ගේ වැඩ තහනම්! – පිස්සු නැටූ ඇමති පුතා

ඒ අනුව යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැරහැරීම හා ඔවුන් විසින් එම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරින් දැනුම්වත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා අදාළ කමිටුව පත්කිරීමට තීරණය කර තිබේ.

වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සමඟ සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් එම ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට පියවර ගන්නා බවය.

Newspedia 01

Related post