බාල ඉන්ධන අපි නිකුත් කරන්නේ නෑ!

 බාල ඉන්ධන අපි නිකුත් කරන්නේ නෑ!

වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර අවස්ථා කිහිපයකදී විශේෂඥ කණ්ඩායම් මගින් ඉන්ධනවල ප්‍රමිතිය තහවුරු කරන බැවින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන වෙළෙඳපොළේ අලෙවි නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පාරිභෝගිකයන් නොමග යවමින් එක්තරා ආයතනයක් ඉන්ධනවල ප්‍රමිතිය වැඩි කළ හැකි පෙත්තක් (Tablet) හඳුන්වාදී ඇති බවට ප්‍රචාරයක් ගෙනයන බවත් එම සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නෛතික පියවර ගන්නා බවත් එම නිවේදනය මගින් කියා සිටී.

සපුගස්කන්ද පිරිපහදු පරිශ්‍රයේ පිහිටි රසායනාගාරයෙන් හා කොළොන්නාවේ සීපීඑස්ටීඑල් සමාගමේ රසායනාගාරයෙන් මෙරටට ගෙනඑන ඉන්ධනවල ප්‍රමිතිය සහතික කරන බව සංස්ථාව කියා සිටී. එමෙන්ම මෙරට ඉන්ධන ආනයනයේදී නෞකාවලට පිරවීමට පෙර සහ ගොඩබෑමට පෙර ද ප්‍රමිතිය පරීක්‍ෂා කරන බව එහි සඳහන් වේ.

සිපෙට්කෝ ඉන්ධන සමග සංකලනය කිරීමට කිසිදු ආයතනයකට උපදෙස් හෝ අනුමැතියක් සංස්ථාව ලබාදී නැති බව අනවසරයෙන් මෙවැනි ද්‍රව්‍ය අලෙවි කරන හෝ ප්‍රවර්ධනය කරන සිපෙට්කෝ ඉන්ධනහල්වලට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත.

Newspedia 01

Related post