සමසමාජය ‘ඇන්.ඇම්. පෙරේරා’ විකුණයි!

කොළඹ, බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් විකුණා එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට තීරණය කළ බව ඇන්. ඇම්. පෙරේරා භාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (25) පැවසීය.
නව ගොඩනැගිල්ල ඉදිරිකිරීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ඉඩමේ කොටසක් විකිණීමට තීරණය කළ බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.
හිටපු මුදල් අමාත්‍යවරයෙක් සහ ලංකා සම සමාජ පක්‍ෂයේ හිටපු නායක ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නිවසේ මෙම මධ්‍යස්ථානය පිහිටා තිබේ.