වාලච්චේන දුම්රිය ස්ථානයේ හොරකමක්!

 වාලච්චේන දුම්රිය ස්ථානයේ හොරකමක්!

වාලච්චේන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ඊයේ (24) පස්වරුවේ සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිළි කර තිබේ.

එම දුම්රිය ස්ථානයේ ලාච්චුවක තිබූ රුපියල් ලක්‍ෂ එකහමාරක පමණ මුදලක් මෙසේ සොරකම් කර ඇතැයි එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා වාලච්චේන පොලිසියට පැමිණිලි කර ඇති අතර එම මුදල් සමඟ තිබූ ස්ථානාධිපතිවරයාගේ මුදල් සහිත පසුම්බිය අස්ථානගත වී නොමැති බව ද වාර්තා වේ.

වාලච්චේන පොලිස් ස්ථානයෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදාල සිද්ධිය පිළිබඳව ඊයේ පස්වරුවේම පරීක්‍ෂණයක් ආරම්භ කළ බවයි.

Newspedia 01

Related post