ලෝක කුසලා පරාජය හමුවේ කොදෙව් පුහුණුකරු ඉල්ලා අස්වේ!

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු වන Phil Simmons එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම කොදෙව් කණ්ඩායමට ඉවත්වීමට සිදුවූ අතර Phil Simmons පවසන්නේ එය සිදුනොවිය යුත්තක් බවය.
මේ සම්බන්ධයෙන් සමස්ත රටවැසියන්ගෙන්ම සමාව ඉල්ලා සිටිමින් Phil Simmons කොදෙව් පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වී ඇතිබව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.