මේ අවුරුද්දේ HIV රෝගීන් දෙගුණයක් වෙලා! – ස්වාමින් වහන්සේලාත් ඒ අතර!

2021 සිට 2022 සැප්තැම්බර් මාසය දක්වා සිදුකරන සමීක්ෂණයකදී 2021ට සාපේක්ෂව මෙම වසරේ HIV ආසාදිතයන් දෙගුණයක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසයි.
මෙම පිරිස අතර පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම තරුණ ස්වාමින් වහන්සේලා ද සිටින බව අනාවරණය වී තිබේ.
එහිදී හඳුනාගත් HIV මෙන්ම වෙනත් ලිංගාශ්‍රිත රෝගවල ආසාදිතයන් බවට වේගයෙන් පත්වන්නේ වයස අවුරුදු 18 – 30 අතර තරුණ ප්‍රජාව බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි.
සම්බාහන මධ්‍යස්ථානවලට සහ මාර්ගගත කටයුතුවලට තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමු වීම මෙම ශීඝ්‍ර වර්ධනයට හේතුවක් යැයි සමීක්ෂණයක දී අනාවරණ වූ බවත් මෙම අවාසනාවන්ත ප්‍රවණතාව වෙනස් කළ යුතු බවත් අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරයි.