මහින්දානන්ද, සාගරව උස්සා පොළවේ ගහනවා කියලා! – ප්‍රසන්නත් සාගරට ගහන්න හදලා!

පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට එම පක්ෂය තුළ එල්ලවන විරෝධය උත්සන්න වී තිබෙන බව වාර්තා වේ.
ඒ, ආසන්න අවස්ථා දෙකක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් ඔහුට පහර දීමට උත්සාහ කර තිබෙන වාර්තා වීමත් සමගය.
විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට පහර දීම සඳහා උත්සහගත් බව ඉන් එක සිද්ධියකි. එම උත්සාහය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැදිහත්වී තත්ත්වය සමනය කිරීමට පියවර ගෙන තිබිණ.
විසි දෙවන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වූ දින පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින්ද සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ලේකම් කියා නොබලා මන්ත්‍රීවරයාව උස්සා පොළවේ ගසන බවයි.
උපුටා ගැනීම – මව්රට