පෞද්ගලික බස් වර්ජනය අවසන් කරයි!

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තිබු වර්ජනය අවසන් කල බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි.
ඒ ලීසිං සමාගම් විසින් තම බස්රථ පැහැරගෙන යාම සම්බන්ධයෙන් හා තවත් කරුණු දෙකක් මුල්කරගනිමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පවතී සාකච්ජාවේදී සාධනීය ප්‍රතිචාර හිමුවූ නිසාවෙන් බව ඔවුන් පවසා සිටි.
එහිදී ලීසින් සමාගම් විසින් බස්රථ අත්පත් කර ගැනීම, ටෙන්ඩර් හා තාක්ෂණික අගය මත ජාතික ගමනාගමන කොමිෂන් සභාව අය කරන ගාස්තු නතර කිරීම, ඩීසල් සහ අමතර කොටස් හිඟය පිළිබඳව පියවර ගන්නා බවටත් ඒ පිළිබඳව අද දිනයේම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට බන්දුල ගුණවර්ධන මහතා පොරොන්දු වූ බව බස් සංගම් පවසයි.
මෙම සාකච්ජාව සඳහා අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා එක්සත් පෞද්ගලික බස් රථ සංගමය, ගාල්ල අධිවේගී මාර්ග බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් එක්වී තිබේ.