පොලිස් රෝහලේ බෙහෙත් නෑ, කෑම නෑ, ඉන්දියානු ණය යටතේ පොලිසියට වාහන 500 ක්!

 පොලිස් රෝහලේ බෙහෙත් නෑ, කෑම නෑ, ඉන්දියානු ණය යටතේ පොලිසියට වාහන 500 ක්!

ඉන්දියානු ණය පහසුකම (Indian Credit Card) යටතේ ශ්‍රී ලංකා පොලීසිය වෙත වාහන 500 ක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

ඒ අනුව, අලුත්ම Mahindra Scorpio SUV 4WD රථ 500 ක් ආනයනය කිරීමට කටයුතු කර තිබේ.

එහි වටිනාකම අමෙරිකානු ඩොලර් 7,887,500 ක් ලෙස සඳහන් වේ.

මාර්තු මාසයේ මීට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කොට ඇති අතර, මේ මස 22 වෙනිදා ණයවර ලිපි විවෘත කොට තිබේ.

පොලීසියට මෙසේ වාහන ගෙන්වන්නේ, පොලිස් රෝහලේ පැරසිටමෝල්, ඩෙංගු ඖෂධ, ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින තත්ත්වයක් තුළ වීම විශේෂත්වයකි. එසේම අනෙකුත් රෝහල්වල ද නිර්වින්දන ඖෂධ, ළදරු ඖෂධ ඇතුළු ඖෂධ රැසක හිඟයක් පවතී.

මින් පෙර වාර්තා වූයේ පොලීසිය වෙත සම්පාදනය කෙරෙන ආහාර වේල ද, පරිප්පුවක් වැනි එක් ව්‍යංජනයකට සීමා කොට දැඩි මූල්‍ය පාලනයකට යටත් කොට ඇති බවකි.

ඊට හේතුව වී ඇත්තේ, රට තුළ පවතින දැඩි මූල්‍ය අර්බුදය සහ ඩොලර් හිඟය ලෙස රජය පෙන්වා දෙයි.

නමුත් මෙසේ ණය ආධාර මුදලක් යටතේ ඩොලර් මිලියන 7.8 කට වැඩි මුදලක් වැය කොට වාහන ආනයනය කිරීම රජයේ ප්‍රමුඛතාවයට යටත් වන්නේ කුමන පදනමක් යටතේ ද යන්න ප්‍රශ්නයකි.

Newspedia 01

Related post