තිලිණි, නිළියන්ගේ කන්‍යාපටල හද හදා නිදිකරවලා! – වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි!

 තිලිණි, නිළියන්ගේ කන්‍යාපටල හද හදා නිදිකරවලා! – වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි!

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි විසින් ප්‍රකෝටිපතියන්ගෙන් මුදල් ගසා කෑම සඳහා නිළියන් සහ සුරූපිනියන් යොදාගත් බවට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී මෙම නිළියන් හා සුරූපිනියන් අදාළ සල්ලිකාරයන් හට ලබාදීම සඳහා ඔවුන්ගේ බිඳුණු කන්‍යා පටල තිලිණි ප්‍රියමාලිගේ අවශ්‍යතා මත සැත්කම් මගින් යථා තත්ත්වයට පත්කරදී ඇති බව ‘අරුණ’ පුවත්පත අනවරණය කරයි.

එහිදී මෙම කන්‍යා පටල සැත්කම් මගින් යථා තත්ත්වයට පත්කරදී ඇතැයි කියන වෛද්‍යවරයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තිළිණි ප්‍රියමාලි විසින් අදාළ කොටිපතියන්ට මෙම සුරූපිනියන් තවමත් නොයිදුල් තරුණියන් බව පවසා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබෙන බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අදාළ නිළියන් සහ සුරූපිනියන්, ප්‍රකෝටිපතියන් සමග ආදර බස් දොඩමින් පැවැත්වූ සංවාද සහිත හඬපට රැසක් තිලිණි ප්‍රියමාලි සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට සොයාගෙන තිබේ.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන්ම භික්ෂුන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් තිළිණිගේ මෙම කන්‍යා පටල සැත්කම් හමුවේ රැවටී ඇති බවත් ඉන් බහුතරයකට මෙතෙක් පොලිසිය වෙත පැමිණිලි කිරීමට නොහැකි වී ඇත්තේ ලිංගික සංවාද සහිත හඬපට නිසා බවද වාර්තා වේ.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලදී අදාළ වෛද්‍යවරයා පිළිබඳව ​තොරතුරු හෙළිදරව් වී තිබේ.

අදාළ වෛද්‍යවරයා විසින් තිලිණි ප්‍රියමාලිට වංචාවන් සිදුකිරීමට දැක්වූ දායකත්වය සහ පහසුකම් පිළිබඳව ද විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Newspedia 02

Related post