ඉදිරියේදී කවුරු ආණ්ඩු හැදුවත් මමයි, නිමල් සිරිපාලයි ඒකෙ ඇමතිවරු! – චාමර සම්පත්

නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ තමන් ඉදිරියේ කවුරු ආණ්ඩු පිහිටෙව්වත් අමාත්‍ය ධූර ලබාගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
එහිදී ඒ මහතා පවසා සිටින්නේ කවුරු ආණ්ඩු පිහිටෙව්වත් පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් ලබා ගත නොහැකි බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින හොඳම අශ්වයන් තමන්ගේ පාර්ශවය නියෝජනය කරන බවත් දෙතුන් දෙනෙකු පමණක් අනෙක් පාර්ශවය නියෝජනය කරන බවද චාමර සම්පත් දසනායක මහතා සඳහන් කරයි.
බදුල්ල නගර ශාලාවේදී පැවති හමුවකදී ඒ මහතා මෙසේ පැවසුවේය.