ලියාපදිංචියවත් නැති සැපයුම්කරුවකුට, අවු: 3කට ගල් අඟුරු ගේන්න දීලා!

මෙරටට ගෙන්වන ගල් අඟුරු මත මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වහාම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කලයුතු බව පාර්ලිමේන්තුව තුළ බොහෝ විවාද හට ගත්තද විදුලිබල අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව නිසි උනන්දුවක් නොදක්වනු අපට දැක ගත හැකි විය.
ඒ අනුව මෙම ගැටලුව පිළිබඳව විගණන කොමිසම මගින් ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කල අතර එහි වාර්තාව මේ වනවිට ලැබී තිබේ.
එම විගණන වාර්තාවට අනුව නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සඳහා 2022 සිට 2025 කාල පරිච්ඡේදයට අදාළ ව ගල් අඟුරු මිලදී ගැනීමේදී ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු විසින් ඉදිරිපත් කර ඇති ලංසුවකට ටෙන්ඩරය ලබාදී ඇති බව හෙළිව තිබේ.
එහිදී ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු විසින් ඉදිරිපත් කරන ලද ගල් අඟුරු සැපයීමට අදාළ වූ ලංසුවක්, සුදුසුකම් නොලත් ලංසුවක් ලෙස සැලකිය හැකි ව තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක් ගල් අඟුරු ගෙන්වීම සඳහා ලංසු කැඳවීම සිදුකර යුතු වුවත් පසුගිය ජුනි මාසයේ ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන ඇති බවයි විගණන වාර්තාවෙන් අනාවරණය වේ.
පසුගිය අගෝස්තු ලංකා ගල් අඟුරු සමාගම මගින් මෙම ලියා පදිංචි නොවන ගල් අඟුරු සැපයුම්කරු සමග ගනුදෙනු පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව නීතිපති ගෙන් විමසා ඇති අතර නීතිපතිගේ මතය ලැබීමට පෙර මෙම ලංසුව වෙත අදාළ සැපයීම ප්‍රදානය කර ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කොට තිබේ.