ලබන මාසයේ ලිට්‍රෝ ගෑස් මිලේ තවත් වෙනසක්!

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව නොවැම්බර් මස මුලදි ගෘහස්ත ගෑස් මිල පිළිබඳව තීරණයක් ගැනීමට හැකිවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව නැවත වතාවක් දේශීය ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට හැකිවනු ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.
ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවත් එම සහනය ලබාදීම ලිට්‍රෝ ගෑස් ආයතනය ලෙස තම වගකීම බවත් ඒ මහතා පවසයි.
ඔක්තෝබර් මස 05 වන දින කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහත දැමුණු අතර එහි මිල මේ වනවිට රුපියල් 4,280ක් ලෙස අලෙවි වේ.