ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ඉන්නවා! – මට කරන්ඩ දෙයක් නෑ! – කතානායක

 ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ඉන්නවා! – මට කරන්ඩ දෙයක් නෑ! – කතානායක

ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට සිටින බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

තමන් දන්නා පිරිසට අමතර තවත් සිටිනවාද යන වග නොදන්නා බවද ඒ මහතා පවසයි.

නමුදු ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට හැකිවන්නේ අධිකරණ තීන්දුවකින් මිස වෙනත් ක්‍රමයක් ඔස්සේ සිදුකල නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට වෙන කිසිවක් කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

Newspedia 02

Related post