විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව ලැබුණා!

 විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව ලැබුණා!

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව තමාට ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේ දී එම වාර්තාව ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔහු තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එම යෝජනා නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

Newspedia 02

Related post