විජේයදාසගේ නීතිඥයන් තිළිණි වෙනුවෙන්! – හෙළිකළ මාධ්‍යවේදියාට පැමිණිල්ලක්!

මෙරට දේශපාලඥයන්, හිමිවරු, කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන මුදල් ගසා කෑ තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත්වී ඇති බව පසුගිය දිනවල වාර්තා විය.
එහිදී නඩුව සඳහා පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා හා නීතිඥ දසුන් නාගස්හේන මහතා, අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතාට අයත් නීතීඥ සමාගමය (Chamber) තුළින් ලබාදී ඇති බව ‘ද මෝර්නිං’ පුවත්පත පසුගිය ඔක්තෝබර් 20 වනදා අනාවරණය කොට තිබිණ.
‘ද මෝර්නිං’ පුවත්පත් වාර්තාව…
එහිදී එම පුවත්පත විසින් පළකර තිබූ පුවත අසත්‍ය බවත් එවැනි නීතීඥ සමාගමක් තමන්ට නොමැති බවත් එමගින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව පවසා අදාළ මාධ්‍යවේදියාට හා පුවත්පත් ආයතනයට දඬුවම් පමුණුවන ලෙස අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතා යොමුකළ පැමිණිල්ල

වීඩියෝව
ඒ අනුව අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති මෙම පැමිණිල්ලට අදාළව young journalists association මගින් පාර්ලිමේන්තුවට හා අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
එහි සඳහන් කරුණු අනුව අදාළ පුවත ‘ද මෝර්නිං’ පුවත්පත මගින් පමණක් පළකරන ලද්දක් නොවන බවත් එම නඩු කටයුතු අවස්ථාවේ සිටි සියලු මාධ්‍යවේදීන් එම නීතිඥයන් අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතාගේ චෙම්බරය මගින් පෙනීසිටින බව පැවසු බවටත් සාක්ෂි සපයන බව සඳහන් කර ඇත.
තවද තමනට චෙම්බරයක් නොමැති බව පැවසුවත් නඩු කටයුතු වෙනුවෙන් පෙනීසිටි තම පුතා වන නීතිඥ දසුන් නාගස්හේන මහතා තම කාර්යාලයේ සම්බන්ධිකරණ ලේකම් වුයේ කෙසේදැයි එම ලිපිය මගින් ප්‍රශ්න කොට තිබේ.
එමෙන්ම එම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ තමන්ට චෙම්බරයක් නොමැතිනම් මාධ්‍යවේදීන්ට පැමිණිලි කරනවා වෙනුවට තමන් අධිකරණ අමාත්‍ය විජේයදාස රාජපක්ෂ මහතාගේ චෙම්බරය මගින් පෙනීසිටින බවට පැවසු නීතිඥයන්ට එරෙහිව පියවර ගැනීම කලයුතු බවත් මාධ්‍යවේදීන්ගේ කාර්යය අධිකාරයේ සිදුවන දේ වාර්තා කිරීම පමණක් බවත්ය.
අදාළ ලිපිය මෙසේයි.