පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව

 පාර්ලිමේන්තු විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදීද විවාද නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

වේත්‍රධාරී  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුව එම කාරක සභාව මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව   මින් ඉදිරියට හිමිවනු ඇත.

කොවිඩ් තත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමා පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී විවාද නැරඹීමේ අවස්ථාව මෙතෙක් හිමි නොවීය.

මේ අනුව විවාද නැරඹීමට පැමිණෙන පාසල් සිසුන් වෙනුවෙන්  පාසල් බලධාරීන්ට  අයදුම්පත් තමාට ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335)  හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු  මහතා පැවසීය.

Newspedia 01

Related post