“හිතා ගන්නවත් බැරි අයගේ හොඳ හොඳ වැඩ එළිවෙනවා”

මෙරට අප්‍රකට කෝටිපතියන් රැසක් රවටා රුපියල් බිලියන ගාණක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින තිළිණි ප්‍රියමාලි ඉතා සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් ලොක්කන් ඇතුළු සමාජයේ වැදගත් යැයි සඳහන් පුද්ගලයන් රැසක් සමඟ ඇය හුදෙකලාව අනඟ රැඟුම් පෑ හැටි ගැන බොහෝ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
‘හිතා ගන්නවත් බැරි පුද්ගලයෝ ගැන හොඳ හොඳ දේවල් සී.අයි.ඩී. එක මතු කර ගනිමිනුයි ඉන්නේ’ යැයි උසස් පොලිස් නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී සඳහන් කළේය.
මේ ගැන තොරතුරු හෙළි වෙමින් ඇත්තේ ඇගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංග විශ්ලේෂණයේදී බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මේ දේවල් ඇය පටිගත කරගෙන තබගෙන ඇත්තේ ඇයට ඒ අයගෙන් උදවු වුවමනා අවස්ථාවලදී බ්ලැක්මේල් කර ඇයට අවශ්‍ය දේවල් කර ගැනීමට බවද විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
මව්රට