සරසවි ඇදුරන් රු. කෝටි 93 ක් ගිලලා!

 සරසවි ඇදුරන් රු. කෝටි 93 ක් ගිලලා!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 189 දෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 93 ක පමණ පාඩුවක් රජයට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ආචාර්යවරුන් 2457 දෙනකු ආචාර්ය උපාධි පාඨාමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා උපාධි හැදෑරීම මෙසේ අතරමඟ නවතා ඇත්තේ ඉන් පිරිසක් බවද සඳහන් කළේය.

ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් කෝටි 1100 කට අධික බව ද ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.

පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය මෙහිදී අමාත්යිවරයා සභාවට ඉදිරිපත් කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා අතරමඟ නතර කිරීමෙන් විශාල මුදලක් රජයට අහිමි වී ඇතැයි තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රශ්නය යොමු කරමින් ප්‍රකාශ කළේය.

Newspedia 01

Related post