නීතිඥ දෙපළක් පොලීසියෙන් කෝටියක වන්දියක් ඉල්ලා නඩු දායි!

නීතිඥවරුන් දෙපළක් රුපියල් කෝටියක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
ඒ තමන් සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත් බවත් එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමිනි.
ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර නීතිඥ දෙපළ විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලබා සිටිති.