ඝාතනය වූ අමරකීර්ති වෙනුවෙන් වන්දි මුදලක් ගෙවයි!

ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි.
ඝාතනයට ලක් වූ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන්ද වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.