කොළඹට පැය 14ක් වතුර කැපෙයි!

22 වන සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02,03,04,05,07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.
එම මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවය.