අල්ලස් චෝදනාවෙන් නිමල් සිරිපාල නිදහස් වෙයි!

 අල්ලස් චෝදනාවෙන් නිමල් සිරිපාල නිදහස් වෙයි!

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී තිබු අල්ලස් චෝදනාවෙන් නිදහස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.

ගුවන්තොටුපලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී තිබිණ.

එහිදී එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් නිදහස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර තිබේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මීට පෙර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවකි.

Newspedia 02

Related post