සුපර් 12 හි ශ්‍රී ලංකා පළමු තරගය 23 හෝ 24

නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 16 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ සුපර් 12 වටයට සුදුසුකම් ලබා තිබේ.
පන්දු 44 කදී ලකුණු 79 ක් ලබමින් කුසල් මෙන්ඩිස් දියත් කළ සුපිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල අවසාන පන්දුවාර 10 දී ලකුණු 102 ක් රැස් කළ අතර, ඊට කුසල් මෙන්ඩිස් විසින් එල්ල කළ හයේ පහර කිහිපය දැක්වූයේ ඉමහත් දායකත්වයකි.
ලකුණු 163 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායමට තම පන්දුවාර 20 තුළ දී කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය දෙස බලා සිටීමට සිදුවන්නේ සුපර් 12 වටයේ Group 1 – 2 යන්නෙන් කුමක තරග වදින්නේ දැයි තීරණය කිරීම සඳහා ය.
කුමන group එකකට ශ්‍රී ලංකාව තේරෙනවා ද යන්න පසෙක තැබූ විට ශ්‍රී ලංකාව සුපර් 12 හි තම පළමු තරගයට හෝබාර්ට් හිදී ඔක්තෝබර් 23 වෙනිදා හෝ 24 වෙනිදා තරග වදින බව නම් නිසැකවම කිව හැකිය.